මෙරට ආර්ථිකය පහළට ඇද වැටීමට මූල්‍ය විනය නොමැතිකම ප්‍රධාන හේතුව වූ බව පෙන්වා දෙන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, මූල්‍ය විනය මනා ලෙස පවත්වාගෙන යාම නිසා මේ වන විට ආර්ථිකය ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ලංකා හොස්පිට්ල්ස් (Lanka Hospitals PLC) විසින් සංවිධානය කළ ‘විශිෂ්ටත්වයේ හදගැස්ම’ සම්මාන උත්සවයට එක්වෙමිනි.
රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1000 ඉක්මවා ඇති අතර, අපේක්ෂිත ඉලක්කගත සීමාවට වඩා කෙටි කලකින් එය අත්පත් කර ගැනීමට රජයට හැකි වී තිබේ. මීට වසර කිහිපයකට පෙර දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 8% – 9% ක්ව පැවති රාජ්‍ය ආදායම මේ වන විට 17% දක්වා වර්ධනය කරගෙන ඇත. 2025 වර්ෂයේදී රුපියල් බිලියන 5500ක රාජ්‍ය ආදායමක් භාණ්ඩාගාරයට එකතු කර ගැනීමට හැකි වූ අතර, එය මෙතෙක් ලැබූ විශාලතම රාජ්‍ය ආදායමයි.
2025 වසරේදී මෑත කාලීන අඩුම අය-වැය පරතරය වාර්තා වූ අතර අපනයන ක්ෂේත්රයෙන් ඩොලර් බිලියන 17ක ආදායමක් සනිටුහන් විය. පසුගිය වසරේදී සංචාරකයන් ලක්ෂ 23 ක් මෙරටට පැමිණීමෙන් ඩොලර් මිලියන 3000 ඉක්මවූ ආදායමක් ලැබිණි. දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුදමය තත්ත්වය වැනි කම්පන හමුවේ වුවද, ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති නොවන ආකාරයෙන් එය කළමනාකරණය කර ගැනීමටත්, රුපියල ශක්තිමත්ව පවත්වා ගැනීමටත් හැකි වී තිබේ. ආයතනයක මෙන්ම රටක ද සංවර්ධනයට මූල්‍ය විනය අතිශය වැදගත් වන බවත්, අද වන විට රට එම තත්ත්වයට පැමිණ ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















