රුසියානු සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා, මොස්කව් නුවරදී රුසියානු ආරක්‍ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් සහ රුසියානු සමූහාණ්ඩුවේ රාජ්‍ය උපදේශක ඇලෙක්සැන්ඩර් නිකොලායෙවිච් වෙනෙඩික්ටොව් මහතා හමු විය. මෙම හමුව මොස්කව් නුවර පැවැත්වෙන පළමුවැනි ජාත්‍යන්තර ආරක්‍ෂක සංසදය සහ ආරක්‍ෂක ගැටලු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ වාර්ෂික රැස්වීමට සමගාමීව සිදු විය.
ශ්‍රී ලංකා සහ රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන් අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය.
දිගුකාලීන ආරක්‍ෂක සුරක්‍ෂිතතාව සහ යුද තාක්‍ෂණික සහයෝගිතාව (Military Technical Coordination) යන ක්ෂේත්‍රවල නව මානයන් ගවේෂණය කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.
උසස් තාක්‍ෂණික යුද සම්බන්ධතා තුළින් ශ්‍රී ලංකාවට හිමිවිය හැකි ප්‍රතිලාභ සහ දෙරට අතර අන්‍යොන්‍ය සම්බන්ධතාව ඉහළ නැංවීම අරමුණු කරගත් මුලපිරීම් පිළිබඳව දෙපාර්ශ්වය විසින් වැඩිදුරටත් සාකච්ඡා කරනු ලැබීය.
















