ශ්‍රී ලංකා පොලිසියේ 160 වැනි සංවත්සරය නිමිත්තෙන් ‘දේශාන්තරික අපරාධ සහ සමාජ ආරක්ෂණය’ යන තේමාව යටතේ ජාත්‍යන්තර පර්යේෂණ සම්මේලනයක් පැවැත්වීමට ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සැලසුම් කර ඇත. මෙම සමුළුව ලබන අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 1 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
එම ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව වෙනුවෙන් පැවැත්වෙන පූර්ව සමුළු වැඩමුළු මාලාවේ පළමු අදියර පසුගිය 25 වැනිදා ජාතික පොලිස් අභ්‍යාස ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) අනුග්‍රහයෙන් පැවැත්වෙන ස්ත්‍රී – පුරුෂ සමාජභාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් ඉලක්ක කරමින් මෙම පූර්ව සමුළුව සංවිධානය කර තිබුණි. ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරියක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
















