2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය සඳහා පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පතට පෙර, කණ්ඩායම් පහ විසින් තමන් රඳවා ගත් සහ සෘජුවම ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් 20 දෙනාගෙන් සමන්විත ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයින් සහ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ක්‍රීඩකයින් රැසක් මෙවර තරගාවලියට එක්වීමට නියමිතය.
කොළඹ කැප්ස් කණ්ඩායම සඳහා කුසල් මෙන්ඩිස්, ජේම්ස් නීෂම්, කමිඳු මෙන්ඩිස් සහ බෙන් මැක්ඩර්මොට් ඇතුළත් වන අතර, දඹුල්ල සික්සර්ස් කණ්ඩායම දිනේෂ් චන්දිමාල්, සහිබ්සාදා ෆර්හාන්, දුෂ්මන්ත චමීර සහ රීසා හෙන්ඩ්‍රික්ස් යන ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ. ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායම දසුන් ශානක, වැන්ඩර් ඩසන්, ඒෂාන් මාලිංග සහ සිකන්දර් රාසා යන ක්‍රීඩකයින් ගිවිසුම්ගත කරගෙන ඇත.
යාපනය කිංග්ස් කණ්ඩායම භානුක රාජපක්ෂ, ශකිබ් අල් හසන්, දුනිත් වෙල්ලාලගේ සහ ටස්කින් අහමඩ් යන ක්‍රීඩකයින් තෝරාගෙන ඇති අතර, මහනුවර රෝයල්ස් කණ්ඩායම වනිඳු හසරංග, මොයින් අලි, ඇන්ජෙලෝ මැතිව්ස් සහ විජය ශංකර් යන ක්‍රීඩකයින් සමඟ ගිවිසුම්ගත වී තිබේ.
















