බදුරලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද රහසිගත තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 3කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
තුඹගල්ල කන්ද ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 362යි මිලිග්‍රෑම් 87ක් ලෙස වාර්තා වේ. කෙසේ වෙතත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට බදුරලිය පොලිසිය මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
















