අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන අදාළ දීමනා අද (29) දින සිට ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
මෙම යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ, වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 73,663 දෙනෙකු වෙත මැයි මාසය සඳහා වන වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තිස්හය කෝටි අසූ තුන් ලක්ෂ පහළොස් දහසක මුදලක් (රු. 368,315,000) මෙලෙස මුදා හැරීමට පියවර ගෙන ඇත.
















