2026 මැයි 30 වන දිනට යෙදී ඇති වෙසක් පුන් පොහොය දින අනුරාධපුරය සහ මාතර, තිහගොඩ, මිදෙල්ලවල රාජ්‍ය වෙසක් උත්සවය වෙත යන බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
මෙම විශේෂ දුම්රිය සේවා 2026 මැයි 30 සහ 31 යන දිනයන්හි ක්‍රියාත්මක වේ
කොළඹ කොටුව – අනුරාධපුර විශේෂ දුම්රිය
කොළඹ කොටුවෙන් පිටත්වීම: පෙ.ව. 06.40
අනුරාධපුරයට ළඟාවීම: පෙ.ව. 10.41
අනුරාධපුරයෙන් ආපසු පිටත්වීම: ප.ව. 03.50
කොළඹ කොටුවට ළඟාවීම: ප.ව. 08.05
මෙම දුම්රියේ පළමු පන්තියේ වායු සමනය කළ මැදිරි දෙකක් සහ දෙවන පන්තියේ මැදිරි දෙකක් සඳහා ආසන වෙන් කර ගැනීමේ පහසුකම සලසා ඇත.
මාතර – බෙලිඅත්ත අතර විශේෂ දුම්රිය
දුම්රිය අංක 03: මාතරින් පෙ.ව. 08.50 ට පිටත්ව බෙලිඅත්තට පෙ.ව. 09.34 ට ළඟාවේ.
දුම්රිය අංක 05: මාතරින් පෙ.ව. 11.00 ට පිටත්ව බෙලිඅත්තට ප.ව. 11.39 ට ළඟාවේ.
දුම්රිය අංක 04: බෙලිඅත්තෙන් පෙ.ව. 10.10 ට පිටත්ව මාතරට පෙ.ව. 10.50 ට ළඟාවේ.
ගාල්ල – මාතර අතර විශේෂ දුම්රිය
දුම්රිය අංක 07: ගාල්ලෙන් ප.ව. 12.00 ට පිටත්ව මාතරට ප.ව. 01.11 ට ළඟාවේ.
දුම්රිය අංක 09: ගාල්ලෙන් පෙ.ව. 10.00 ට පිටත්ව මාතරට ප.ව. 11.11 ට ළඟාවේ.
දුම්රිය අංක 08: මාතරින් පෙ.ව. 08.05 ට පිටත්ව ගාල්ලට ප.ව. 09.23 ට ළඟාවේ.
දුම්රිය අංක 10: මාතරින් ප.ව. 11.30 ට පිටත්ව ගාල්ලට ප.ව. 12.39 ට ළඟාවේ.
මීට අමතරව, බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන “සාගරිකා” ශිඝ්‍රගාමී දුම්රිය මැයි 30 සහ 31 යන දෙදිනම බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 08.20 ට කොළඹ කොටුව බලා පිටත් කිරීමට කටයුතු යොදා ඇත.
















