හෙද විදුහල් සඳහා සිසුන් බඳවාගැනීමට අදාළ ගැසට් පත්‍රය අද (29) රාත්‍රියේ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
විද්‍යාවේදී හෙද (B.Sc. Nursing) උපාධිධාරීන් 515 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අදාළ උපාධිධාරීන් හෙද අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව (Nursing Orientation and Coordination Training) සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව මෙම පත්වීම් ප්‍රදානය කෙරිණි
















