කොළඹ හතේ පිහිටි නිවසකදී පසුගිය අඟහරුවාදා රාත්‍රියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂයේ සාගල රත්නායක සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා අතර විශේෂ හමුවක් සිදුව තිබේ. මෙම හමුව සිදුව ඇත්තේ දිවුලපිටිය එජාප ප්‍රධාන සංවිධායක කිත්සිරි මංචනායක මහතාගේ බිරිඳගේ සත් දින බණ පිංකමට සමගාමීවය.
දම් දෙසුම ආරම්භ වීමට පෙර පැවැති මෙම හමුවේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී ඇත්තේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී යා යුතු දේශපාලන ගමන සහ දෙපාර්ශවයම තවදුරටත් ශක්තිමත් විය යුතු ආකාරය පිළිබඳවය. සාගල රත්නායක මහතා විසින් මෙම සාකච්ඡාව මෙහෙයවා ඇති අතර, ඔහු පිටව ගිය පසු සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම ස්ථානයට පැමිණ තිබේ.
මෙම අවස්ථාවට එජාප සභාපති වජිර අබේවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස්, ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, අනුර ප්‍රියදර්ශන යාපා, ඉන්දික අනුරුද්ධ, ආචාර්ය චරිත හේරත්, නිමල් ලංසා, ලසන්ත අලගියවන්න මෙන්ම අර්ජුන රණතුංග සහ ප්‍රසන්න රණතුංග යන හිටපු මැති ඇමතිවරුන් ද වරින් වර පැමිණ සිටි බව වාර්තා වේ.
















