මාලදිවයින කේන්ද්‍ර කරගත් Sun Siyam Resorts හෝටල් ජාලයට අයත් Sun Siyam Pasikudah Resort විසින් පාසිකුඩා මුහුදු බොක්ක ආශ්‍රිතව ‘Aqua Lounge’ නමින් පාවෙන අවන්හලක් නිල වශයෙන් දියත් කර ඇත. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඉන්දියානු සාගරය මත පිහිටි එකම පාවෙන සුඛෝපභෝගී භෝජන අත්දැකීම මෙය වන අතර, එය සම්පූර්ණයෙන්ම සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන රටේ එකම පාවෙන අවන්හල ද වේ.
වර්ග අඩි 400ක වපසරියකින් යුත් මෙම අවන්හල වෙත අමුත්තන්ට හෝටල් වෙරළේ සිට කැටමරන් පාරුවක් මගින් ළඟා විය හැකිය. පරිසර හිතකාමී දැව සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය කර ඇති මෙම ව්‍යුහය, තිරසාරභාවය මුල් කරගනිමින් නිමවා තිබේ.
පාසිකුඩා බොක්කේ සුවිශේෂී සුන්දරත්වය අමුත්තන්ට සමීප කිරීම සඳහා මෙම පියවර ගත් බවත්, වෙරළේ සිට සාගරය දෙස බලනවා වෙනුවට සැබවින්ම සාගරය මත හිඳ එම අත්දැකීම විඳගැනීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බවත් Sun Siyam Pasikudah හි සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා ප්‍රකාශ කළේය.
මෙම අවන්හල මගින් නැගෙනහිර වෙරළේ නැවුම් රසයන්ගෙන් සමන්විත අංග හතකින් යුත් විශේෂ ආහාර වේලක් අමුත්තන් වෙත පිරිනමයි. සුන්දර හිරු බැස යන දර්ශනය රසවිඳිමින් කොක්ටේල් පානයකින් අත්දැකීම ආරම්භ කිරීමට මෙහිදී හැකියාව ලැබේ. පාසිකුඩා වෙරළ තීරයේ පිහිටි කාමර 34කින් යුත් Sun Siyam Pasikudah Resort, සංචාරකයින් සඳහා සුවිශේෂී අත්දැකීම් රැසක් පිරිනමන සුඛෝපභෝගී හෝටලයක් ලෙස ප්‍රකටය.
















