2026 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ පැවැත්වෙන වෙසක් කලාප, තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශන නැරඹීමට පැමිණෙන ජනතාව සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය දැනුම් දෙයි.
මෙම වෙසක් සැමරුම් කොළඹ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත, දෙමටගොඩ සහ මෝදර යන පොලිස් වසම් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. එම ප්‍රදේශවල පවතින උත්සව හා ජනතාවගේ ගමනාගමන පහසුව වෙනුවෙන් මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙන බැවින්, එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන් සහ වෙසක් නැරඹීමට පැමිණෙන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.
















