වෙසක් පුන් පෝය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම බලපත්‍රලත් මත්පැන් අලෙවිසැල් මැයි 30 වැනි සෙනසුරාදා සහ මැයි 31 වැනි ඉරිදා යන දිනවල වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා සඳහන් කළේ, මෙම නියෝගය අද (29) සවස් වරුවේ සිට ක්‍රියාත්මක වන අතර ජුනි 1 වැනි සඳුදා දින දක්වා බලපැවැත්වෙන බවයි. 2570 වැනි බුද්ධ වර්ෂය සැමරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම නිවාඩු කාලය තුළ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් යම් ස්ථානයක් විවෘතව පවතී නම්, ඒ පිළිබඳව 1913 යන කෙටි අංකයට හෝ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය හරහා දැනුම් දෙන ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කරන ආයතනවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.
















