ඉබෝලා (Ebola) වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන “ලෝක ව්‍යාප්ත අවවාදාත්මක” (Worldwide Caution) සෞඛ්‍ය ඇඟවීම් මාලාව ඊයේ (28) දින යාවත්කාලීන කරන ලදී.
මෙම නව ඇඟවීම්වලට අනුව, ඉබෝලා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින රටවල් තුනකින් පැමිණෙන පුද්ගලයින් කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමට තීරණය කර ඇත. එම රටවල සිට අමෙරිකාව බලා පැමිණෙන මගීන් සඳහා ගුවන් තොටුපළේදීම දැඩි සෞඛ්‍ය පරීක්ෂාවන් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සහ රට තුළට රෝගය ඇතුළු වීම වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, අදාළ රටවල සංචාරය කර ඇති පුද්ගලයින් පිළිබඳව ද විශේෂ නිරීක්ෂණ සිදු කෙරේ. සංචාරකයින් සඳහා දේශසීමා හරහා ගමන් කිරීමේදී පනවා ඇති නව සෞඛ්‍ය රෙගුලාසි සහ පරීක්ෂණ ක්‍රියාවලීන් පිළිබඳව දැනුවත්ව සිටින ලෙස අමෙරිකානු බලධාරීන් උපදෙස් ලබා දී ඇත.
පවතින තත්ත්වය අනුව, අදාළ රටවලින් පැමිණෙන මගීන් අනිවාර්ය සෞඛ්‍ය පරීක්ෂාවන්ට ලක්වීම අනිවාර්ය වන අතර, රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් අවශ්‍ය වෛද්‍යමය ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
















