• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෞද්ගලික බැංකුවක බිලියන 13ක වංචාව අදාළ අංශයේ කිසිදු විගණන වාර්තාවක් නොමැති බව CIDය අධිකරණයට දන්වයි

29 May 2026
in දේශීය, පුවත්
පෞද්ගලික බැංකුවක බිලියන 13ක වංචාව  අදාළ අංශයේ  කිසිදු විගණන වාර්තාවක් නොමැති බව  CIDය අධිකරණයට දන්වයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම හරහා රුපියල් බිලියන 13ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී, අදාළ බැංකුවේ අභ්‍යන්තර සහ බාහිර විගණන වාර්තාවල මෙම ප්‍රශ්නගත සිද්ධියට සම්බන්ධ අංශයේ කිසිදු විගණනයක් සිදුකර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ ප්‍රකාශ කළේය.
මෙම සිද්ධියට අදාළ අභ්‍යන්තර සහ බාහිර විගණන වාර්තා විමර්ශන කටයුතු සඳහා ලබාදෙන ලෙස මීට පෙර අධිකරණය නියෝග කර තිබූ අතර, එම නියෝගය අනුව සිදුකළ පරීක්ෂණවලදී එම තොරතුරු අනාවරණය විය. බැංකුවේ අභ්‍යන්තර, බාහිර සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද විගණන වාර්තා කිසිවක ගෙවීම් හා පියවීම් අංශයේ විගණන ඇතුළත් වී නොමැති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේය.
මෙම කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, අදාළ පොදු ලෙජර් ගිණුම සහ අවිනිශ්චිත ගිණුම් භාරව සිටි බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසත්, ඔවුන් අතින් යම් අපරාධමය වරදක් සිදුව ඇති බවට අනාවරණය වුවහොත් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
එමෙන්ම, මෙම සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සියලු සැකකරුවන් ලබන 12 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයේ පෙනී සිටියේය.
Post Views: 9
Previous Post

දින 88ක අන්තර්ජාල අඳුරින් පසු ඉරානයේ තොරතුරු නිදහස යළි ස්ථාපිත වේදේශපාලන අස්ථාවරත්වය සහ ජාතික ආරක්ෂක අභියෝග මධ්‍යයේ දින අසූඅටක් පුරා මුළුමනින්ම අක්‍රීය කර තිබූ ඉරානයේ අන්තර්ජාල සන්නිවේදන පද්ධතිය යළි ස්ථාපිත කිරීමට ටෙහෙරාන් පාලනය පියවර ගෙන තිබේ. එක්සත් ජනපදය සමඟ ඇති වූ ගැටුම්කාරී වාතාවරණය පදනම් කරගනිමින් මිලියන අනූවක ජනතාවක් මෙලෙස සන්නිවේදන අන්ධකාරයක ගිල්වා තැබීම, රාජ්‍ය ආරක්ෂාව සහ සිවිල් අයිතීන් අතර පවතින ගැටුමේ බරපතළකම ලෝකයටම පසක් කළේය. තොරතුරු හුවමාරුවට තිබූ මෙම දැඩි සීමාවන් හමුවේ සාමාන්‍ය පුරවැසියා හුදෙකලාව පීඩා විඳිද්දී, රාජ්‍ය ප්‍රභූ පැලැන්තියට පමණක් ගෝලීය සන්නිවේදන ප්‍රවේශය හිමිවීම සමාජ විෂමතාවේ පරම උච්චස්ථානයක් ලෙස ද විචාරයට ලක් විය. මෙම දීර්ඝකාලීන අන්තර්ජාල ඇනහිටීම එරට ව්‍යාපාරික ක්ෂේත්‍රයට දිනකට ඩොලර් මිලියන අසූවක දැවැන්ත ආර්ථික පාඩුවක් සහ ජනතාවගේ මානසික සුවයට අහිතකර බලපෑමක් එල්ල කළ බව සත්‍යයකි. ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් විසින් පත් කළ විශේෂ කමිටුවේ තීරණය මත මෙම සීමාවන් ලිහිල් කරනු ලැබුවද, එරට අධිකරණය විසින් ලබා දුන් අත්හිටුවීමේ නියෝගය නොතකා ජනාධිපති පාර්‌ශ්වය ගත් මෙම නිර්‌භීත තීරණය, ඉරාන දේශපාලන තලයේ අභ්‍යන්තර බල අරගලය පිළිබඳව ද ඉඟි කරයි. නිදහස් සන්නිවේදනයක් සහ ගතික ආර්ථිකයක් උදෙසා අමාත්‍ය සත්තාර් හෂේමි දක්වන ස්ථාවරය, වාරණයන්ගෙන් පිරුණු පාලන තන්ත්‍රයකට එල්ල කරන අභියෝගයක් බවට පත්ව ඇත. ඉදිරියේදී මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තිරසාර පදනමක් මත පවත්වාගෙන යාම, ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මඟ තීරණය කරන සාධකයක් වනු ඇත. තාක්ෂණික දියුණුව සහ තොරතුරු නිදහස රාජ්‍ය ආරක්ෂාව සමඟ සමතුලිත කිරීම ඕනෑම නවීන රාජ්‍යයකට අත්‍යවශ්‍ය වන අතර, ටෙහෙරාන් පාලනය දැන් මුහුණ දී සිටින්නේ මහජන අපේක්ෂාවන් සහ පැරණි පාලන ක්‍රම අතර පවතින තීරණාත්මක සන්ධිස්ථානයකට ය. සන්නිවේදන නිදහස යනු හුදු පහසුකමක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍යම අයිතියක් බව සනාථ කරමින් ඉරානය මෙලෙස තබන පියවර, ඉදිරියේදී එරට ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයට කෙසේ බලපානු ඇතිද යන්න ලෝක අවධානයට ලක්ව තිබේ.

Next Post

උපාලි පුවත්පත් සමාගමේ බුදුමග ධර්ම ග්‍රන්ථය ශාසනයට පූජා කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
උපාලි පුවත්පත් සමාගමේ බුදුමග ධර්ම ග්‍රන්ථය  ශාසනයට පූජා කෙරේ

උපාලි පුවත්පත් සමාගමේ බුදුමග ධර්ම ග්‍රන්ථය ශාසනයට පූජා කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved