උපාලි පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘බුදුමග’ ධර්ම ග්‍රන්ථය ශාසනයට පූජා කිරීමේ උත්සවය පසුගියදා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණි. එම අවස්ථාව ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම ග්‍රන්ථය සකස් කර ඇත්තේ බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය සහ බුද්ධ ධර්මය යන විෂය පථයන් ආවරණය වන පරිදිය. එහි සුවිශේෂී අංගයක් ලෙස මෙරට පුරාණ විහාරස්ථානවල පවතින බිතු සිතුවම් 60කට අධික ප්‍රමාණයක් ඇතුළත් කර තිබීම දැක්විය හැකිය.
















