දික්වැල්ල පොලිස් වසමේ පිහිටි වැවුරුකන්නල රජමහා විහාරය සහ දීඝවාලුකාරාම විහාරස්ථානය යන විහාරස්ථානවල පැවැත්වෙන වාර්ෂික මහා පෙරහර හේතුවෙන් එම ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කර ඇත.
මෙම පෙරහර තංගල්ල – බෙලිඅත්ත මාර්ගය සහ කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය ඔස්සේ වීථි සංචාරය කිරීමට නියමිත බැවින් මාතර සිට තංගල්ල, හම්බන්තොට සහ කතරගම දක්වා ගමන් කරන රථවාහන සඳහා විශේෂ ගමනාගමන සැලැස්මක් ක්‍රියාත්මක වේ. ඒ අනුව අදාළ මාර්ග ඔස්සේ ගමන් කරන රියදුරන් අපහසුතාවයට පත් නොවීමට වගබලා ගන්නා ලෙසත්, විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය දැනුම් දෙයි.
















