• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ ගිවිසුමට පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

29 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ ගිවිසුමට පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ මාලදිவයින් ජන රජයේ ආණ්ඩුව අතර සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීම වෙනුවෙන් අත්සන් කරන ලද විශේෂ ගිවිසුමකට අදාළ නියමයන් සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ නිල අනුමැතිය හිමිව තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය (නීතිඥ) හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ ඇත. 2002 අංක 25 දරන සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත යටතේ 2025 වසරේ ජුලි මස දී දෙරට අතර අත්සන් තබන ලද මෙම ගිවිසුමට අදාළ නියමය, 2026 ජනවාරි 05 දිනැති අංක 2470/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පසුගිය 2026.05.19 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණකි.
මෙම ද්විපාර්ශ්වික ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව සහ මාලදිவයින යන දෙපාර්ශවයටම සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව වඩාත් පුළුල් හා ඵලදායී ලෙස ඉටු කිරීමට මඟ පාදනු ඇත. ඒ අනුව, අදාළ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් පරිදි, ත්‍රස්තවාදයට සම්බන්ධ අපරාධ සහ ත්‍රස්තවාදය සඳහා මුදල් සැපයීමට භාවිත කිරීමට අදහස් කරන අරමුදල් සොයා ගැනීම, අපරාධවලින් උපයා ගන්නා දේ මෙන්ම අපරාධ මෙවලම් සොයා ගැනීම, තහනම් කිරීම, අහිමි කිරීම හෝ රාජසන්තක කිරීම ඇතුළු ක්‍රියාවලීන් රැසක් මේ යටතේ ආවරණය වේ. මීට අමතරව, විවිධ අපරාධයන් කල්තියා වැළැක්වීම, විමර්ශනය කිරීම, නඩු පැවරීම සහ ඒවා මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් දෙරටේම නීතිමය භූමිකාවන් වඩාත් සක්‍රීය ලෙස ඉටු කිරීම පිළිබඳව ද මෙමඟින් විශේෂ අවධානයක් යොමු කර ඇත.
මෙම කාරක සභා රැස්වීමේදී මෙරට අධිකරණ ක්ෂේත්‍රය මුහුණ දී ඇති බරපතළ පරිපාලනමය ගැටලුවක් ද අනාවරණය වූ අතර, එහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ 2018 වසරෙන් පසු මේ දක්වා නිසි ලෙස බඳවා ගැනීම් සිදු නොකිරීම හේතුවෙන් ක්ෂේත්‍රය තුළ පුරප්පාඩු 2647ක් පවතින බවයි. පවතින මෙම අධිකරණ පුරප්පාඩු සියල්ල කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා වහාම බඳවා ගැනීම් සිදු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙහිදී අදාළ බලධාරීන්ට දැඩි ලෙස උපදෙස් ලබා දුන්නේය. මීට අමතරව, කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් විසින් අධිකරණ, බන්ධනාගාර හා නීති ක්ෂේත්‍රයට අදාළව පවතින සෙසු ගැටලු ද ඉදිරිපත් කළ අතර, ඒවාට කඩිනම් විසඳුම් ලබා දීමට කාරක සභා සභාපතිවරයා පියවර ගන්නා ලදී. මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය (නීතිඥ) සුනිල් වටගල මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

රුසියානු ප්‍රහාර මධ්‍යයේ රුමේනියාවට ඩ්‍රෝන යානයක් කඩා වැටෙයි

Next Post

දේශගුණික විපර්යාස හමුවේ අලි ඇතුන් සහ දිවියන් රැකගැනීමට පාර්ලිමේන්තු සංසදයේ විශේෂ අවධානය

Editor TTV News

Editor TTV News

Next Post
දේශගුණික විපර්යාස හමුවේ අලි ඇතුන් සහ දිවියන් රැකගැනීමට පාර්ලිමේන්තු සංසදයේ විශේෂ අවධානය

දේශගුණික විපර්යාස හමුවේ අලි ඇතුන් සහ දිවියන් රැකගැනීමට පාර්ලිමේන්තු සංසදයේ විශේෂ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ගිවිසුම ගැන  අවසන් තීරණය ගන්න  ට්‍රම්ප් ධවල මන්දිරයේ හදිසි තත්ත්ව මැදිරියට යයි

ඉරාන ගිවිසුම ගැන අවසන් තීරණය ගන්න ට්‍රම්ප් ධවල මන්දිරයේ හදිසි තත්ත්ව මැදිරියට යයි

29 May 2026
T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

29 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved