ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක්ව සිටි බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු, නාවික හමුදාව සහ වෙළෙඳ නෞකාවක් එක්ව සිදුකළ මෙහෙයුමකින් පසු ඊයේ (28) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන විත් තිබේ.
කුඩාවැල්ල ධීවර වරායෙන් මැයි 05 වැනිදා ධීවරයන් 6 දෙනෙකු සමඟ පිටත්ව ගිය මෙම යාත්‍රාව, ලංකාවට දකුණින් නාවික සැතපුම් 730ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ සිටියදී මෙම අනතුර සිදුව ඇත. කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ ‘DONG FANG WEI YE’ නමැති වෙළෙඳ නෞකාව විසින් මුලින්ම මෙම ධීවරයාව බේරාගෙන සිය නෞකාවට ලබාගෙන තිබේ.
අනතුරුව ඊයේ උදෑසන දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රාවක් එම වෙළෙඳ නෞකාව වෙත ගොස් ධීවරයාව තමන් භාරයට ගෙන ඇති අතර, මූලික ප්‍රථමාධාර ලබා දෙමින් ඔහුව කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. පසුව එම ධීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ.















