ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරදා ජය වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වී තිබේ. ඒ අනුව අනිද්දා (31) පැවැත්වෙන අවසන් මහා තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 241ක් රැස් කළේය. එහිදී වෛභව් සූර්යවංශි ලකුණු 96ක් ද, රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 45ක් ද, ඩොනොවන් ෆෙරෙයිරා නොදැවී ලකුණු 38ක් ද වාර්තා කළහ. පන්දු යැවීමේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර් සහ කගීසෝ රබාඩා කඩුලු 2 බැගින් දවා ගත්හ.
පිළිතුරු ඉලක්කය හඹා ගිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 219ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කළේය. ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක ශුබ්මන් ගිල් ලකුණු 104ක් සහ සායි සුදර්ශන් ලකුණු 58ක් රැස් කිරීමට සමත් වූහ.
















