කටුනායක ගුවන් තොටුපළේදී අද (30) අලුයම සිදුකළ වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී ග්‍රෑම් 404ක් බරැති කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු සහ ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 සහ 30 යන වයස්වල පසුවන මීගමුව සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















