ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් එක්ව AUKUS ආරක්ෂක ගිවිසුමේ කොටසක් ලෙස මිනිසුන් රහිත දිය යට ගමන් කරන යානා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මහතා පවසයි.
සිංගප්පූරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. මෙම වැඩසටහන AUKUS ගිවිසුමේ දෙවන අදියර හෙවත් “Pillar Two” යටතේ ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ක්වොන්ටම් පරිගණක තාක්ෂණය, දිය යට ක්‍රියාත්මක වන තාක්ෂණයන්, හයිපර්සොනික් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය සහ සයිබර් තාක්ෂණය වැනි උසස් ආරක්ෂක තාක්ෂණයන් දියුණු කිරීමයි.
මෙම හවුල්කාරිත්වය මගින් අදාළ රටවල් ආරක්ෂක අංශයේ උසස් තාක්ෂණික හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරයි.
















