ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) මෙරටට ලැබිය යුතු ණය වාරික දෙකක් ලබා ගැනීම සඳහා මෙතෙක් ඉටු කර නොතිබූ කොන්දේසි දෙකක් ඉටු කරන බවට රජය ලිඛිත පොරොන්දුවක් ලබා දී ඇති බව හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.
එම කොන්දේසිවලට අනුව ලෝක වෙළෙඳපොළේ පවතින අගය සහ පිරිවැයට අනුකූලව මෙරට ඉන්ධන මිල තීරණය කිරීමට රජය එකඟතාව පළ කර ඇත. මේ හේතුවෙන් ඉදිරියේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 700කට ආසන්න මුදලක් දක්වා ඉහළ යා හැකි බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බව අබේවර්ධන මහතා පෙන්වා දෙයි.
















