නාවලපිටිය පොලිස් ස්ථානය විසින් සංවිධානය කළ මඤ්ඤොක්කා දන්සැලක් සහ වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ සහ ගම්පොළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉලංගකෝන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් 30 දින පස්වරුවේ පැවැත්විණි.නාවලපිටිය පොලිස් ස්ථානාධිපති කේ.එම්. කුලතුංග මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් මෙම දන්සැල සංවිධානය කරන ලදී.නාවලපිටිය වෙසක් කලාපය නැරඹීමට පැමිණි සැදැහැවතුන් සඳහා මඤ්ඤොක්කා කිලෝ 2000ක් මෙහිදී බෙදා දෙන ලදී.
















