ඊ-විදේශගමන් බලපත්‍ර පුද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රසම්පාදන කටයුතු වහාම අත්හිටුවන ලෙස කැබිනට් මණ්ඩලය විසින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම ටෙන්ඩරය ප්‍රංශ සහ ශ්‍රී ලාංකීය හවුල්කාරිත්වයක් සහිත ‘Thales DIS Finland Oy/Just in Time (JIT)’ යන ආයතනය වෙත ප්‍රදානය කිරීමට මීට පෙර නිර්දේශ කර තිබුණි.කෙසේ වෙතත්, මෙම හදිසි අත්හිටුවීමට නිශ්චිත හේතුවක් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.මෙම ප්‍රසම්පාදන ව්‍යුහය තුළ බදු ගෙවන්නන්ගේ මුදල් අහිමි විය හැකි බරපතළ “මෘදුකාංග උගුලක්” පවතින බව පුවත්පත් විශ්ලේෂණයකදී අනාවරණය වී තිබුණි.
කොන්ත්‍රාත් කාලයෙන් පසු මෘදුකාංග බලපත්‍ර අලුත් කිරීමේ මිල ගණන් පූර්ව නිශ්චය කර නොමැති වීම නිසා, අදාළ සමාගමට තමන්ට රිසි පරිදි මිල ගණන් නියම කිරීමේ බලය ලැබීම සහ දිගුකාලීන මෘදුකාංග අවශ්‍යතා මූලික පිරිවැය ඇගයීමෙන් බැහැර කර තිබීම මෙම ගැටලුවට හේතු වී ඇත.මෙම ටෙන්ඩරය නැවත කැඳවන්නේද නැතහොත් කවදා කැඳවන්නේද යන්න පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැත.















