බෙලාවියා ගුවන් සේවය විසින් ඔක්තෝබර් 27වනදා සිට යළි ශ්‍රී ලංකාව බලා ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර ඇත.
එම ගුවන් සේවය අඟහරුවාදා දිනවලදී එයාර්බස් ඒ330-200 ගුවන් යානා යොදාගනිමින් ක්‍රියාත්මක වීමට නියමිතය.මින්ස්ක් නුවරින් පෙරවරු 12:50ට පිටත්වන ගුවන් යානය පස්වරු 12:40 වන විට මත්තල ගුවන් තොටුපළ වෙත ළඟා වනු ඇත.මත්තලින් පස්වරු 2:40ට පිටත්වන ගුවන් යානය රාත්‍රී 10:10ට මින්ස්ක් නුවරට ළඟා වීමට නියමිතය.මෙම ගුවන් ගමන සඳහා ගතවන කාලය දළ වශයෙන් පැය 9.5ත් 10ත් අතර කාලයක් වනු ඇත.
















