කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ, උඩුකුඹුර ප්‍රදේශයේදී අද (මැයි 31) පෙරවරු 7.30ට පමණ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
කොළඹ සිට නුවර දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක, කෑගල්ල දෙස සිට වරකාපොළ දෙසට පැමිණි ත්‍රීරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ සුළු තුවාල ලැබූ එහි ගමන් කළ පසුපස මගියා වරකාපොළ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.ත්‍රීරෝද රථ රියදුරුට නින්ද යෑම මෙම අනතුරට හේතුවන්නට ඇතැයි වරකාපොළ පොලිසිය සැක පළ කරයි.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වරකාපොළ පොලිසියේ රථවාහන අංශය විසින් සිදු කරනු ලබයි.
















