භික්ෂූ විනය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පවතින නිසි ක්‍රමවේදය අනුව, අදාළ කැබිනට් පත්‍රිකා සකසා මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කර තීරණ ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි. සියලුම කටයුතු රටේ පවතින සම්ප්‍රදායන්ට අනුකූලව ඉදිරියට ගෙන යා යුතු බව එම පක්ෂය අවධාරණය කරයි.එම පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනයට අනුව, රජයට සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ ශාසනය සහ බුදුදහම විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පක්ෂය පෙන්වා දෙයි. මෙම වැඩසටහන සඳහා සිවිල් සමාජයේ කොටසක් ද සම්බන්ධ කරගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. වර්තමානයේ නිරන්තරයෙන්ම බෞද්ධ පැවිදි සහ ගිහි මතයන් කොන් කිරීමක් සිදුවන බව පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.
















