වනජීවී නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ වැටලීමකදී සජීවී කොරල්පර සහ මත්ස්‍ය විශේෂ අලෙවි කළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් විසින් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ නිර්මාණය කරගත් කණ්ඩායම් හරහා විවිධ මිල ගණන් යටතේ මෙම ජාවාරම කලක සිට සිදුකර ඇති බව හෙළිවී තිබේ. ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් මුහුදුමල්, හඳුනානොගත් ගැබේජ් කොරල්, මුව අං හැඩැති කොරල්, රෙඩ් කොරල් ඇතුළු දුර්ලභ ගණයේ මුහුදු මත්ස්‍ය විශේෂ 7ක් අලෙවි කර ඇති බව වාර්තා වේ.
















