හොංකොං හි පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී, කාන්තා මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිශේකා සමත්ව ඇත.
තරගයේ අවසාන මීටර් කිහිපය දක්වාම ආසියාවේ ප්‍රබල ක්‍රීඩිකාවන් සමඟ කරට කර සටනක නිරත වූ ඇය, විනාඩි 2:07.10ක කාලයක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය තහවුරු කර ගත්තාය.
















