ඉන්දියාව සහ වියට්නාමය අතර සුපර් සොනික් කෘස් මිසයිල ගනුදෙනුවක් සඳහා ගිවිසුමක් අත්සන් කර තිබේ.
ඉන්දියාවේ නිෂ්පාදිත බ්‍රාමෝස් මිසයිල පද්ධතියක් මිලදී ගන්නා පළමු විදෙස් රට බවට වියට්නාමය පත්වේ. මෙම ගනුදෙනුවේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 375කට වැඩි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඉන්දියාව සහ රුසියාව ඒකාබද්ධව නිෂ්පාදනය කළ බ්‍රාමෝස් සුපර් සොනික් කෘස් මිසයිල පද්ධතිය ලොව වේගවත්ම සුපර් සොනික් මිසයිල පද්ධතිය ලෙස සැලකේ. මෙම මිසයිල පද්ධතියේ වේගය ශබ්දයේ වේගය මෙන් තෙගුණයක් වේ.
















