ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යාමේ වාසිය ජනතාවට ලබා දෙමින්, පාකිස්ථාන රජය විසින් ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.පෙට්‍රල් සහ හයි-ස්පීඩ් ඩීසල් ලීටරයක මිල පාකිස්ථාන රුපියල් 22 බැගින් අඩු කිරීමට එරට රජය තීරණය කර ඇත. පාකිස්ථානය දැනට මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා හමුවේ, පීඩාවට පත්ව සිටින එරට සාමාන්‍ය ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
















