බදුරලිය සහ තිරුක්කෝවිල් ප්‍රදේශවලදී සිදුවූ දියේ ගිලීම් අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
බදුරලිය අනතුර: බදුරලිය පොලිස් වසමට අයත් අතුලැල්පතොට ප්‍රදේශයේදී දිය නෑමට ගිය මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇත. ඔහු දිය නාමින් සිටියදී අනතුරට ලක්ව ඇති අතර, රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි. තිරුක්කෝවිල් අනතුර: තිරුක්කෝවිල් රූපස්කුලම වැව හරහා මී ගවයින් රැගෙන යාමට උත්සාහ කළ තිරුක්කෝවිල් 03 ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇත. පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි කිරීමකින් පසු ඔහුගේ සිරුර සොයාගෙන තිබේ.















