වෙසක් පොහෝ දින නීති විරෝධී ලෙස විකිණීම සඳහා මත්පැන් ප්‍රවාහනය කරමින් සිටියදී වැල්ලවත්ත දයා පාර ප්‍රදේශයේ ගරාජයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාලය පවසයි.ගරාජයක තිබූ වෑන් රථයක් තුළ සඟවා තිබූ මත්පැන් බෝතල් 349ක් සහ බියර් කෑන් 327ක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 6, වැල්ලවත්ත, මැනිං පෙදෙසේ පදිංචි යෝගේෂ්වරන් ශිවරූබන් නමැත්තෙකි. අදාළ මත්පැන් තොගය ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය ගරාජයට රැගෙන ගොස් තිබූ අතර, ඒ පිළිබඳව ලද තොරතුරක් මත පොලිසිය මෙම වැටලීම සිදු කර ඇත. සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්පැන් තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.















