මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දහයක සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන පරිදි, මැයි මස 28 දා වන විට මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,010,807කි.
මැයි මාසයේ ආරම්භයේ සිට මේ දක්වා පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 134,530ක් වන අතර, ඉන් වැඩිම පිරිසක් ඉන්දියාව, රුසියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ චීනය වැනි රටවලින් පැමිණ ඇත.
කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පසුගිය දිනවල දෛනික සංචාරක පැමිණීමේ අගය පහත වැටී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. මෙම තත්ත්වය නිසා ගුවන් ගමන් මාර්ගවලට බාධා එල්ල වීම සහ ගෝලීය ගුවන් යානා ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් යුරෝපීය සංචාරකයින්ගේ පැමිණීමේ යම් පසුබෑමක් දක්නට ලැබේ. විශේෂයෙන්ම ප්‍රංශය, රුසියාව, ජර්මනිය සහ එක්සත් රාජධානිය වැනි රටවලින් පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව අඩුවී ඇත. එසේම, ගුවන් ගමන් අවලංගු වීම් සහ ඉහළ ගුවන් ගාස්තු හේතුවෙන් යුරෝපීය සංචාරකයින් බොහෝ දෙනෙක් තම සංචාරයන් ප්‍රමාද කිරීමට හෝ අවලංගු කිරීමට පෙළඹී සිටින බව වාර්තා වේ.
















