මහනුවර ප්‍රමුඛ පෙළේ වෙළෙඳ ව්‍යාපාරයක් වූ හරිස්චන්ද්‍ර ස්ටෝර්ස් හි අධිපති සහ ‘දිවයින’ ඇතුළු පුවත්පත් කිහිපයක ප්‍රධාන අලෙවි නියෝජිතවරයකු ලෙස කටයුතු කළ එල්. එච්. හරිස්චන්ද්‍ර එංගලන්තයේදී අභාවප්‍රාප්ත වී ඇත.මීට අමතරව, මහනුවර සමිති සමාගම් රැසක වගකීම් දැරූ ඒ මහතාගේ අවසන් කටයුතු එංගලන්තයේදී සිදු කිරීමට නියමිතය.
















