ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මිල ඉහළ දැමුවද, බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිසම (NTC) පවසයි.
ඉන්ධන ගාස්තු ඉහළ දැමීමත් සමඟ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් අන්තර්කාලීන බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙස ඉල්ලීමක් කර ඇත. ජූලි මාසයේ සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර මෙය ක්‍රියාත්මක කළ යුතු බව පවසමින්, හෙට (02) සිට බලපැවැත්වෙන පරිදි සියයට පහක ගාස්තු වැඩිවීමක් බස් හිමියන්ගේ සංගමය අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
















