2025-2026 වසර සඳහා පැවති ශ්‍රී පාද වන්දනා සමය පසුගිය මැයි 30 වන දින මධ්‍යම රාත්‍රියෙන් නිමාවට පත් විය. ඒ අනුව, ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ පූජා භාණ්ඩවලින් කොටසක් පැල්මඬුල්ල, ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීම ඊයේ (31) සිදු කෙරිණි.
වන්දනා වාරය අවසන් වීමෙන් පසු ඊයේ උදෑසන ශ්‍රී පාද උඩමළුවේදී බුද්ධ පූජාව පවත්වා, අනතුරුව සධාතුක කරඬුව සහ දේවාභරණ වැඩම කරවීමේ පෙරහැර ආරම්භ විය. මෙම පෙරහැර රත්නපුර, පලාබද්දල මාර්ගයේ රජ මාවත ඔස්සේ ගමන් කරමින් ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය වෙත ළඟා විය.
















