ශ්‍රී ලංකා යුද හමුදා සැපයුම් විද්‍යාලයේ (Sri Lanka Army Logistic Staff School) සාමාජිකයන් 33 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් තායිලන්තයේ නිල සංචාරයක නිරත වී තිබේ. විද්‍යාලයේ සේනාධිපති බ්‍රිගේඩියර් සුදීර ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි මෙම නියෝජිත පිරිසට ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ පාඨමාලා හදාරන්නන් ඇතුළත් වූ අතර, ඔවුන් බැංකොක් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල සංචාරයක නිරත විය. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි හා නිත්‍ය නියෝජිත විජයන්ති එදිරිසිංහ මහත්මිය විසින් මෙම පිරිස පිළිගනු ලැබීය.
මෙම සංචාරය පිළිබඳව තානාපතිනිය අදහස් දක්වමින් සඳහන් කළේ, මෙය ශ්‍රී ලංකා යුද හමුදා සැපයුම් විද්‍යාලය තායිලන්තයේ සිදු කළ ප්‍රථම නිල පාඨමාලා සංචාරය වන බවයි. මෙමගින් දෙරට අතර පවතින වර්ධනය වන ආරක්ෂක සහයෝගීතාව සහ දිගුකාලීන මිත්‍රත්වය පිළිඹිබු වන බව ඇය සඳහන් කළාය. තවද, මෙම සංචාරය මගින් නිලධාරීන්ට වටිනා වෘත්තීය අත්දැකීම් ලැබෙන අතර එය ඔවුන්ගේ අධ්‍යයන හා හමුදා පුහුණුවීම් සඳහා ධනාත්මක දායකත්වයක් වනු ඇති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.















