මියන්මාරයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයක පිහිටි ගම්මානයක සිදු වූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීමෙන් තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලබා ඇති අතර, ඔවුන් කඩිනමින් රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදීමට කටයුතු යොදා ඇත. පිපිරීම සිදුවූ ප්‍රදේශය පුරා මේ වන විට දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වී ඇති බවත් වාර්තා වේ. සිද්ධියට හේතුව හෝ ඊට වගකිව යුත්තන් කවුරුන්ද යන්න පිළිබඳව තවමත් නිල තොරතුරු අනාවරණය වී නොමැත.
















