ඉබෝලා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු බ්‍රසීලයේදී හඳුනාගෙන ඇති අතර, ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායනය කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම සැකකටයුතු රෝගීන් දෙදෙනා බ්‍රසීලයේ ප්‍රධාන නගර දෙකක් වන සාඕ පවුලෝ සහ රියෝ ද ජැනෙයිරෝ යන නගරවලින් වාර්තා වී තිබේ. දැනට ඔවුන් විශේෂ වෛද්‍ය නිරීක්ෂණ සහ දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. මෙම සිදුවීමත් සමඟ ගෝලීය සෞඛ්‍ය අංශවල අවධානය යළිත් වරක් ඉබෝලා වෛරසය කෙරෙහි යොමුවී ඇති අතර, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා බ්‍රසීල බලධාරීන් හදිසි පියවර ගනිමින් සිටී.
















