සෞඛ්‍ය හා ආරක්ෂක මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය වෙසක් දන්සල් 148ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හඳුනාගෙන තිබේ. මැයි 29 සිට 31 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ පරීක්ෂණ වැඩසටහනකදී දන්සල් 17,761ක් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු මෙම තත්ත්වය අනාවරණය විය.
කෙසේ වෙතත්, මහජනතාවට සිදුවිය හැකි අපහසුතාවයන් වැළැක්වීම සඳහා මෙම දන්සල් වසා දැමීමට පියවර ගෙන නොමැත. ඒ වෙනුවට, අවශ්‍ය නිවැරදි කිරීම් සිදු කිරීමෙන් අනතුරුව එම දන්සල් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇත. රටේ විවිධ ප්‍රදේශවල වෙසක් කලාප, දන්සල් සහ උත්සව ආශ්‍රිත කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් ඉදිරි දිනවලදීත් විශේෂ පරීක්ෂණ සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් පවසා ඇත.
















