ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බවත්, ඔවුන්ගේ කාර්යයන් වඩාත් සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා එම දෙපාර්තමේන්තුව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ නව ‘සමුර්ධි සුව බොජුන් හලක්’ විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙය ‘සමුර්ධි සුව බොජුන් හල’ ව්‍යාපෘතිය යටතේ ස්ථාපිත කරන ලද 51 වන මධ්‍යස්ථානය වේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණින් 2026 වසර අවසන් වීමට පෙර මෙරට පුරා ‘සමුර්ධි සුව බොජුන් හල්’ 100ක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
















