පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා අත්‍යවශ්‍ය අති නවීන මැමොග්‍රැෆි යන්ත්‍ර 05ක් මෙරට රෝහල් පද්ධතියට ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත. රුපියල් මිලියන 765ක් වටිනා මෙම යන්ත්‍ර ලබා දීම සිදු කරන්නේ සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවා රෝගී ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙළ යටතේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත මෙම යන්ත්‍ර කොළඹ ජාතික රෝහල, ගාල්ල කරාපිටිය ජාතික රෝහල, නුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ අපේක්ෂා රෝහල යන ප්‍රධාන රෝහල් 05ක් වෙත ලබා දීමට නියමිතය. එක් මැමොග්‍රැෆි යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 153ක් වන අතර, මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (HSEP) හා ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් සපයා ඇත. මීට අමතරව, හදිසි අවශ්‍යතාව මත ත්‍රිකුණාමලය හා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් සඳහා ද භාවිත කරන ලද මැමොග්‍රැෆි යන්ත්‍ර දෙකක් ලබා දීමට අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
දැනට දිවයින පුරා මැමොග්‍රැෆි යන්ත්‍ර 16ක් සක්‍රීයව පවතින අතර, මෙම නව යන්ත්‍ර එකතු වීමත් සමඟ එම ප්‍රමාණය 23 දක්වා ඉහළ යනු ඇත. රජයේ රෝහල්වල පවතින දීර්ඝ පොරොත්තු ලේඛන සහ සීමිත යන්ත්‍ර පහසුකම් හේතුවෙන් රෝගීන්ට මුහුණ දීමට සිදුවන ප්‍රමාදයන් මෙම නවීන යන්ත්‍ර මගින් අවම කර ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















