රිටිගල, අලියාවැටුණවැව, බුලාගල, කෝන්කැටියාව සහ කල්ලන්චි යන ප්‍රදේශ රක්ෂිත වනාන්තර ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා විසින් මේ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර, රටේ වන සම්පත ආරක්ෂා කර ගැනීම සහ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇත. අදාළ ප්‍රදේශ රක්ෂිත වනාන්තර ලෙස නම් කිරීමත් සමඟ එම භූමි ප්‍රදේශවල පාරිසරික අගය සුරැකීමට සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීමට වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.
















