දිවයින පුරා අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීමේ අරමුණින් පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසිය දියත් කරන ලද විශේෂ මෙහෙයුම් මාලාව තවදුරටත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් පවතී. 2026 මැයි 31 වන දින දක්වා ක්‍රියාත්මක වූ මෙම විධිමත් මෙහෙයුම් මගින් නීතියේ රැහැනට හසුකරගත් පිරිස අතිවිශාලය.
පසුගිය 31 වැනි දින නිකුත් කළ දත්ත වාර්තාවන්ට අනුව, සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 26,110ක් දක්වා ඉහළ ගොස් ඇත. නීතිය හමුවට පැමිණීම මගහැර සිටි වරෙන්තුකරුවන් දඩයම් කිරීම සඳහා ක්‍රියාත්මක කළ වැටලීම් තුළින් දින වරෙන්තුකරුවන් 191ක් සහ විවෘත වරෙන්තුකරුවන් 88ක් පොලිස් අත්අඩංගුවට පත්විය. මීට අමතරව, අපරාධ සම්බන්ධයෙන් සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින් 399ක් සහ විමර්ශන සඳහා අවශ්‍ය වූ තවත් පුද්ගලයින් 22ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.
රථවාහන නීති උල්ලංඝනය කරමින් මහජන සාමයට හානි කළ රියදුරන් වෙත ද පොලිසියේ අවධානය යොමුව තිබේ. බීමත් රියදුරන් 32ක් සහ අපරික්ෂාකාරී ලෙස රිය පදවමින් අනතුරේ හෙලූ රියදුරන් 98ක් මෙහෙයුම් තුළින් අත්අඩංගුවට ගෙන ඇත. එසේම, රථවාහන වැරදි සම්බන්ධයෙන් පමණක් 3,757ක් තරම් වූ දඩ මුදල් හා නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වේ.
දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන එකම අරමුණක් වෙනුවෙන් මෙලෙස ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම, රටේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමට මහඟු පිටුවහලක් වී තිබේ. ඉදිරියටත් මෙවැනි වැටලීම් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.
















