ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව, විභාග කරන දිනය නියම කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
අද (01) දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියහ. එහිදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා, නඩුව විභාගයට ගනු ලබන දිනය තීරණය කිරීම සඳහා අදාළ දිනය නියම කළේය.
















