මීගොඩ ප්රදේශයේ පැවැති වෙසක් දන්සලකදී පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ අනතුරට වගකිව යුතු කැබ් රථයේ රියදුරු රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
අද (01) දින සැකකරු හෝමාගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහේස්ත්රාත්වරයා විසින් ඔහුව ලබන ජුනි 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේය.
















