හබරාදූව, තල්පේ ප්‍රදේශයේ මුහුදු තීරයේ දිය නාමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු ඊයේ (31) දියේ ගිලී අතුරුදන්ව ඇති බව හබරාදූව පොලිසිය පවසයි.
අතුරුදන් වූ තරුණයා කුරුණෑගල, මල්ලවපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තම පවුලේ ඥාතීන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා තල්පේ ප්‍රදේශයට පැමිණ සිටියදී, මුහුදේ දිය නාමින් සිටියදී ඔහු මෙලෙස රළ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත.
අතුරුදන් වූ තරුණයා සොයා ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතින අතර, හබරාදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















