වික්ටෝරියා ප්‍රාන්තයේ මහාමාත්‍ය ගරු ජසින්ටා ඇලන් (Jacinta Allan) මැතිණිය හමුවී, දෙරට අතර සබඳතා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ. මෙම අවස්ථාව සඳහා ආර්ථික වර්ධන හා රැකියා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ස්ටීව් ඩිමොපොලොස් (Steve Dimopoulos) මහතා ද සහභාගී විය.
දේශපාලන, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික සහ ක්‍රීඩා වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සහ වික්ටෝරියා ප්‍රාන්තය අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව එම ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දක්වන දායකත්වය මහාමාත්‍ය ඇලන් මැතිණිය විසින් විශේෂයෙන් ඇගයීමට ලක් කළාය. ඕස්ට්‍රේලියාවේ වැඩිම ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙසෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ බව ද ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 79ක් සපිරෙන මෙම වසරේදී, දෙරට අතර පවතින සබඳතා තවදුරටත් පුළුල් කිරීමට දෙපාර්ශ්වයේම ඇති කැපවීම මෙහිදී යළිත් තහවුරු විය.
















