ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම අතර පවතින ගැටුම් තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමක, ලෙබනනයේ අගනුවර වන බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නියෝග කර තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේදී අමෙරිකානු මැදිහත්වීමෙන් ඇතිකරගත් සටන් විරාම ගිවිසුම හිස්බුල්ලා සංවිධානය විසින් උල්ලංඝනය කරමින් ඊශ්‍රායල වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම ඊට හේතු වී ඇති බව අගමැතිවරයා පවසයි.
මේ වන විට කලාපය තුළ පවතින ආතතිය දිනෙන් දින වර්ධනය වෙමින් පවතින අතර, දෙපාර්ශවය අතර පවතින ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන්ගේ ජීවිතවලට ද දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.
















